සදහම් සාකච්ඡාව 7 කොටස - බුදු ගුණ සහ 'උදය වැය ඤාණය'. (2024 ජනවාරි 7)
Nibbida නිබ්බිදා
0:00 / 0:00
සදහම් සාකච්ඡාව 7 කොටස - බුදු ගුණ සහ 'උදය වැය ඤාණය'. (2024 ජනවාරි 7)
6 151 просмотр · 2 года назад
Nibbida නිබ්බිදා
1,79 тыс. подписчиков
6 151 просмотр · 2 года назад
"තථාගත බුදුපියාණන් වහන්සේ විසින් අධිගත කරගත් පෙර නොඇසූ විරූ දහම් ඇතුළත් වන 'මුල් බුදු සමය' හෙවත් 'ශ්‍රී මුඛ අභිධම්ම දේශනා' සහිත සූත්‍ර පිටකයේ සුබාසිත විග්‍රහය",...
0:00 සදහම් සාකච්ඡාව 2024.01.07 වන දින පළමු දේශනාව.
0:04 'බුදු ගුණ' සහ 'උදය වැය ඤාණය.'
සිත තුළ උපදින කම්ම අස්ථාන ගත කිරීම බුදු පියාණන් වහන්සේ පහල වීමට පෙර සිට ලොව පැවතුණු ක්‍රම වේදයකි. උන්වහන්සේ මෙලොව පහල වී අනුදැණ වදාළේ 'කම්ම නිරෝධය' යි.
උන්වහන්සේ ජීවමානව වැඩවසන සමයේ මග ඵල ලාභී භික්ෂූන් වහන්සේලා විසින් පෙර අසා දැනගත් පරියාප්ත දහම යෝනිසෝමනසිකාරය කරමින් කම්ම නිරොධය සඳහා අනුගමනය කළ ක්‍රමය නිවැරදි ලෙස භාවිතා කරමු.
7:13 'ඉදං පුරේ චිත්තමචාරි චාරිකං යේනිච්ඡකං යත්ථකාමං යථාසුඛං තදජ්ජහං නිග්ගහෙස්සාමි යෝනිසෝ හත්ථිප්පභින්නං විය අංකුසග්ගහෝ',...
සිත! මෙතෙක් නුඹේ කැමැත්ත පරිදි විඳීමට රිසි වූ 'කාම සුඛය' ඇත්තේ කොතැනද, එතැනට නුඹ මා රැගෙන ගියෙහිය. එහෙත් මින් මතු මා පටිසංඛා යෝනිසෝමනසිකාරයෙන් යුතුව නුඹට නිග්‍රහ කරමි. කෙසේද යත්, කුඩා හෙණ්ඩුවකින් මඳ කිපුණු දරුණු ඇත් රජෙකු දමනය කරන්නා සේ නුඹ මාගේ වසඟයට ගනිමිනි....
11:17 'බුදු ගුණ' සහ 'උදය වැය ඤාණය.'
අසා දැන ගත් දහම හොඳින් මනසිකාරය කරන්න.
29:22 'කාමං කාමයමානස්ස - තස්ස චේතං සමිජ්ඣති අද්ධා පීතිමනෝ හෝති - ලද්ධා මච්චෝ යදිච්ඡති',...
කාමය යදින ලෝක සත්වයා.
50:02 'අප්පස්සාදා ආවුසෝ කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවෝ එත්ථ භිය්‍යෝ',...
අල්ප ආස්සාද සහිත බොහෝ දුක් උපදවන ආස්වාදය.
1:25:05 'ඡන්දං ජනේති, වායමති, විරියං ආරභති, චිත්තං පග්ගණ්හාති, පදහති',..
අකුසලයෙන් මිදීමට සිත කුළු ගන්වා ගන්න.
1:46:42 'අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං භාවේතබ්බඤ්ච භාවිතං, පහාතබ්බං පහීනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ',...
බ්‍රහ්මණය, මා 'බුද්ධ' යැයි ධරාගන්න.
1:58:10 'යදා හවේ පාතුභවන්ති ධම්මා ආතාපිනෝ ඣායතෝ බ්‍රාහ්මණස්ස, අථස්ස කංඛා වපයන්ති සබ්බා යතෝ පජානාති සහේතුධම්මන්ති',....
හේතු ප්‍රත්‍යය දකිමින් ඣායත වඩන බ්‍රාහ්මණයා.
2:22:11 'කතමේ ද්වේ ධම්මා භාවේතබ්බා? සමථෝ ච විපස්සනා ච. ඉමේ ද්වේ ධම්මා භාවේතබ්බා',...
භාවිතා කළ යුතු 'සමථය සහ විපස්සනාව' නොහොත් 'අරි අටඟි මග',...
2:25:23 'තස්ස භික්ඛවේ භික්ඛුනෝ භාසිතං නේව අභිනන්දිතබ්බං. න පටික්කෝසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කෝසිත්වා තානි පදබ්‍යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තේ ඕතාරේතබ්බානි. විනයේ සන්දස්සේතබ්බානි.',....
ඕනෑම දහම් දේශනාවක් එකවර වැළඳ නොගන්න. එමෙන්ම බැහැර නොකරන්න. එහෙත් එම දහම් සූත්‍රයට ඔතා බැලීමට දක්ෂ වන්න. විනයට සසඳා බැලීමට දක්ෂ වන්න. ඊට පෙර ඔබ ප්‍රඤ්ඤාව පහල කර ගන්න.