Перейти к содержимому

Wewathenna Cabana - Camping | Best Camping Place | වැවතැන්න Sri Lanka

Journey to Destiny

0:00 / 0:00

Wewathenna Cabana - Camping | Best Camping Place | වැවතැන්න Sri Lanka

517 просмотров · 3 недели назад
Journey to Destiny
664 подписчика
517 просмотров · 3 недели назад
වැවතැන්න (Wewathenna) කැම්පින් පාරාදීසය මේ රූප රචනාවෙන් ඔයාලට, 🏷️වැවතැන්නට ලගම නාන්න ලස්සනම තැනක් 🏷️වැවතැන්න මුදුනටම යනකම් road Conditions 🏷️කබානාව ඇතුලත සහ එලියෙ සම්පුර්ණ විස්තරයක් 🏷️කඳවුරු බූමියේ මුලු දවසක්... 🏷️කඳවුරු බූමිය මීදුමෙන් වැසෙන දර්ශන 🏷️වික්ටෝරියා ජලාශයට ඉහලින් හිරු බැස යන දර්ශන මේ වගේ එකී මෙකී නොකී සුන්දර දසුන් පෙලක් නරඹන්නට පුලුවන්. ඉතින්, වලාකුලු උඩින් දුවගෙන යන්න තිබුනනම් කියල හිතෙන තරමට පහලින් පෙනුන ගම්මාන සේරම වලා තීරයකින් වැහුනු සීතල හැන්දෑවක.. වැවතැන්න 💚🖤 කාලයක් තිස්සෙ ගරාවැටිල ඉතුරුවුන නටඹුන් බංගලාවකුයි, කන්දක් උඩ ඇති කියල හිතෙන්නැති සීතලම සීතල වතුර පිරුණු වැවකුයි එක්කම කොලම කොල පාටට තණකොල, මීදුමෙන් පිරුණු එතන වෙනමම ලෝකයක්.. ඉස්සර ලස්නට තිබුන ලොකු වත්තක ගරා වැටුන නටඹුන් තවමත් එහෙ මිනිස්සුන්ට අතීත කතා මතක් කරල දෙනව... වැවතැන්න... මෙතන ලස්සනම හැන්දෑවට... ඉර බැහැගෙන යනකොට පහලින් වික්ටෝරියා ජලාශය රන්වන් පාටින් දිලිසෙනව බලන් ඉන්කොට ඇස් මායාවකට අහුවුනා වගේ.. ඒක ඇත්තටම විඳින්නම ඕන... මේ වැවතැන්න, මහනුවර නගරයේ ඉඳන් කිලෝමීටර 40ක් විතර දුරින්, මධ්‍යම කඳුකරයේ උසම කඳු මුදුනක සැඟවුණු අපූරු තැන්නක් තමයි වැවතැන්න කියන්නේ. මුහුදු මට්ටමෙන් මීටර් 1136ක් ඉහළින් පිහිටලා තියෙන මේ තැන්න මුළු අවුරුද්ද පුරාම වගේ සීතල මීදුමෙන් සහ තද සුළඟ තියෙන සුන්දර කඳු මුදුනක්. කඳු මුදුනක පිහිටි කුඩා වැව (Wewathenna Reservoir) සහ ඉන් පෙනෙන අවට නිම්නයේ දර්ශන නිසා මේ ස්ථානය සංචාරකයන් අතර ගොඩක් ජනප්‍රියයි. 🏕️ කැම්පින් කරන අයට වැදගත් විස්තර (Camping Guide) වැවතැන්න කියන්නේ ආරක්ෂිතව සහ අඩු වියදමකින් යාළුවොත් එක්ක හෝ සහකරු/සහකාරිය එක්ක කැම්පින් කරන්න කියාපු තැනක්. (අපි ගියේ කබාන එක කලින්ම බුක් කරල LKR 6,000/= per 6 persons) Cabana reservation : 077 465 7401 ඇතුල්වීමේ ගාස්තුව - දවසක් ගත කිරීමට (Day visit) එක් අයෙකුට රු. 150 කි. කැම්පින් ගාස්තුව - රාත්‍රී ලැගුම් ගැනීමට (Overnight Camping) රු. 2,500 කි. පහසුකම් - වැවතැන්න වතු පාලනාධිකාරිය මඟින් පාලනය වන මෙහි මූලික වැසිකිළි පහසුකම් සහ ජල පහසුකම් ඇත. කැම්පින් උපකරණ - ටෙන්ට් (Tents), ස්ලීපින් බෑග් සහ පිසීම් උපකරණ ඔබ විසින්ම රැගෙන යා යුතුය. ⚠️ විශේෂ අනතුරු ඇඟවීම: වැවතැන්න වැවේ නෑම සපුරා තහනම් වේ. වැව පතුලේ අධික මඩ තට්ටුවක් පවතින බැවින් එහි බැසීම ජීවිත අවදානමක් ඇති කළ හැකිය. ⛰️ වැවතැන්නෙන් ඔබට දැකගත හැකි සුවිශේෂී දේවල් වික්ටෝරියා ජලාශය: පැහැදිලි අහසක් ඇති දිනවලට ලංකාවේ විශාලතම වේල්ලක් වන වික්ටෝරියා වේල්ල සහ මහවැලි ගඟ ගලායන අයුරු කඳු මුදුනට අපූරුවට දර්ශනය වේ. ශ්‍රී පාදස්ථානය (Adam's Peak): ඉතා පැහැදිලි දිනවලට ඈතින් දිස්වන සිරිපා කඳු මුදුන මෙහි සුන්දරත්වය තවත් වැඩි කරයි. පැරණි බංගලාවේ නටබුන්: වතු පාලන සමයට අයත්, 1989 භීෂණ සමයේදී ගිනිබත් කරන ලද පැරණි බ්‍රිතාන්‍ය බංගලාවක නටබුන් ද මෙහිදී දැකගත හැකිය. රාත්‍රී අහස (Stargazing): නගරයේ ආලෝකයෙන් මිදී, නිල් පැහැති රාත්‍රී අහසේ තරු බැලීමට සහ ඡායාරූපකරණයට කදිම ස්ථානයකි. 🚗 ළඟා වන ආකාරය (How to Reach) 1. මහනුවර සිට මහියංගණ පාරේ (Kandy-Mahiyangana Road) දිගන, තෙල්දෙණිය පසුකර මැදමහනුවර නගරයට පැමිණෙන්න (දුර කිලෝමීටර 35ක් පමණ). 2. මැදමහනුවර නගරය පසු කළ සැණින් දකුණු පසින් ඇති ඉහළට විහිදෙන කඳුකර මාර්ගයට (Wewathenna Road) හරවන්න. 3. එතැන් සිට කිලෝමීටර 5ක් පමණ ඉදිරියට යන විට වැවතැන්න වතුයායේ ඇතුල්වීමේ ගේට්ටුව හමුවේ. (මෙහි යන පාර තරමක් කැඩී බිඳී ඇති බැවින් Ground Clearance වැඩි වාහනයක් හෝ ත්‍රීවීල් එකක් භාවිතා කිරීම වඩාත් සුදුසුය.) අපිනම් ගියේ renault Kwid / Honda Fit වාහන දෙකෙන්. හොඳට පායල තිබුන නිසා යන්න පුලුවන් උනා. Wewathenna is a peaceful rural area in Sri Lanka's central hill country, known for its cool climate, rolling mountains, lush tea plantations, sunset, Victoria reservoir view point forests, and beautiful viewpoints. It is a great destination for visitors who enjoy nature, hiking, photography, and scenic drives. Thanks for watching the video. Don’t forget to like comment and subscribe the channel. (I copied some parts of this description from other creators, & edited. but I’m unable to find the original source now. Full credit and rights belong to the original owner for their commitments) #Wewathenna #SriLanka #TravelVlog #Nature #JourneyToDestiny