උදය වැය ඤාණය - 5 කොටස
Nibbida නිබ්බිදා
0:00 / 0:00
උදය වැය ඤාණය - 5 කොටස
6 755 просмотров · 2 года назад
Nibbida නිබ්බිදා
1,79 тыс. подписчиков
6 755 просмотров · 2 года назад
"තථාගත බුදුපියාණන් වහන්සේ විසින් අධිගත කරගත් පෙර නොඇසූ විරූ දහම් ඇතුළත් වන 'මුල් බුදු සමය' හෙවත් 'ශ්‍රී මුඛ අභිධම්ම දේශනා' සහිත සූත්‍ර පිටකයේ සුබාසිත විග්‍රහය",...
0:00 'උදය වැය ඤාණය' (5) 2024.01.05 වන දින පස්වන දේශනාව.
0:01 'කායිකං දුක්ඛං සහ චේතසිකං දුක්ඛං',..
බුදු පියාණන් වහන්සේ දෙයාකාරයකින් පැනවූ වේදනාව.
4:37 'යංච කාමසුඛං ලෝකේ යංචිදං දිවියං සුඛං, තණ්හක්ඛයසුඛස්සේතේ කලං නාග්ඝන්ති සෝළසි”න්ති,....
යමෙකු ජීවිතයේ පළමු වරට නීවරණයන්ගෙන් තොර වූ සිත හඳුනා ගනීද, එය අවෙයිදේත සුඛය යැයි වදාළ සේක.
24:34 සෝතාපන්න ඵල ලාභියා විසින් ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් දකින 'අනිච්ච, දුක්ඛ සහ අනත්ථ' ස්වභාවය.
45:48 'යං පරේ සුඛතෝ ආහු තදරියා ආහු දුක්ඛතෝ, යං පරේ දුක්ඛතෝ ආහු තදරියා සුඛතෝ විදුං',...
පඤ්ච උපාදානස්කන්ද යම් තැනක පවතීද, එයම දුකකි.
49:40 ලෝකයේ පවතින භෞතික හෝ න්‍යායාත්මක කිසියම් වූ විද්‍යා දැනුමකින් කිසිවිට තෝරා ගත නොහැකි බුදු පියාණන් වහන්සේ ප්‍රඤ්ඤාවෙන් දුටු 'නිබ්බානය',...
58:59 'තස්මාතිහ භික්ඛවේ, සේ ආයතනේ වේදිතබ්බේ, යත්ථ චක්ඛුඤ්ච නිරුජ්ඣති, රූපසඤ්ඤා ච විරජ්ජති',....
'යත්ථ මනෝ ච නිරුජ්ඣති ධම්මසඤ්ඤා ච විරජ්ජති',.....
නිරුද්ධ කළ හැකි 'චක්ඛුව' සහ 'රූප සඤ්ඤාව',..... නිරුද්ධ කළ හැකි 'මන' සහ 'ධම්ම සඤ්ඤාව',..
1:06:25 'පඤ්චක්ඛන්ධා පරිඤ්ඤාතා තිට්ඨන්ති ඡින්නමූලකා දුක්ඛක්ඛයෝ අනුප්පත්තෝ කතං බුද්ධස්ස සාසනන්ති',...
පඤ්චස්කන්ධය ප්‍රහාණය කළ රහතන් වහන්සේ පඤ්චස්කන්ධයකින් පැනවීම බරපතල අභූත චෝදනාවකි.
1:08:51 ආර්ය්‍යයන් වහන්සේලා පනවන 'කාන්ත' නම් වූ නොකැඩෙන සීලය.
1:12:32 බුදු පියාණන් වහන්සේ මග වඩන සාවකයින් දිරි ගැන්වීම උදෙසා කළ යම් යම් සම්‍යක් ප්‍රයෝග,..
1:15:50 'කතමේ ච භික්ඛවේ, පඤ්‌චක්‌ඛන්‌ධා? යං කිඤ්‌චි භික්ඛවේ, රූපං අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා ඕළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා, අයං වුච්‌චති රූපක්‌ඛන්ධෝ,...'
'අභිසංකත සහ අභිසංචේතනා' සහිත කිළිටි පඤ්චක්ඛන්ධය දැන දැක ගත හැක්කේ පුථුජනයාට නොව ආජානීය ජායත වඩන අරිය උතුමන්ට පමණි.
1:21:44 සක්කාය දිට්ඨිය ප්‍රහාණ වූ සෝතාපන්න ඵල ලාභියා සතු නොකැඩෙන සීලය හේතු කොට ගෙන නැවත සතර අපා ගත නොවේ.
1:34:30 'චිත්තං ඉතිපි, මනං ඉතිපි, විඤ්ඤාණං ඉතිපි',..
බුදු පියාණන් වහන්සේ බුදු නෙතින් දුටු 'අහුත්වා සම්බොති' න්‍යායට අනුව අනුදැණ වදාළ 'මන සහ ධම්ම",....
1:42:41 ඕනෑම ගතියක් වෙනස් කිරීමට හැකි තථාගත දහමේ ඇති සංදිට්ඨික ගුණය.
1:44:59 'බහුස්සුතං ධම්මධරං භජේථ මිත්තං උළාරං පටිභානවන්තං',....
අර්ථ, ධම්ම සහ එහි නිරුක්තිය දුටු උතුමන් උපදවා ගන්නා පටිභාන ඤාණය භාවිතා කරමින් ඔවුහු දහම් දේශනා කරති.
1:49:48 මග ඵල ලාභීන්ට පවා විඤ්ඤාණ වධකයාගෙන් බේරීම අසීරු කාර්ය්‍යයකි. එහෙත් ඔහු ඉන් මිදෙන මග දුටුවෙකි.
1:51:33 'තථා තථා සෝ තස්මිං ධම්මේ අත්ථපටිසංවේදී ච හෝති, ධම්මපටිසංවේදී ච.',..
තථාගත දහමේ අර්ථය වටහා ගත් ධම්මතාවය දුටු බුදු පියාණන් වහන්සේ දෙසූ නිරුකිතිය අවබෝධ වූ උතුමන් පටිභාන ඤාණය සහිත වූවෝහ.
1:55:06 'අවිමුත්තං වා චිත්තං විමුච්චති, අපරික්ඛීණා වා ආසවා පරික්ඛයං ගච්ඡන්ති, අනනුප්පත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුණාති.',..
මග ඵල ලබන, අංග අටක් එකවර යෙදෙන, 'අරිය වූ සම්මා සමාධිය' දක්වා!
1:59:44 'යඤ්චාවුසෝ පජානාති තං විජානාති. යං විජානාති තං පජානාති.',..
ජානතෝ වන පුථුපඤ්ඤ උත්තම සාවකයා පස්සතෝ වන ආකාරය,..