Перейти к содержимому

මිනිසාට අමතක වූ මනුස්සකම! සතුන්ට මෙහෙම වෙන්නේ ඇයි? | Dil Unscripted | Episode 72

Dil Unscripted

0:00 / 0:00

මිනිසාට අමතක වූ මනුස්සකම! සතුන්ට මෙහෙම වෙන්නේ ඇයි? | Dil Unscripted | Episode 72

752 просмотра · 8 дн. назад
Dil Unscripted
4,08 тыс. подписчиков
752 просмотра · 8 дн. назад
අපි අපේ ජීවිතවල සතුට, සැනසීම ගැන හිතන තරමටම අපිත් එක්ක මේ ලෝකයේ ජීවත් වන සතා සිවුපාවා ගැනත් හිතනවාද? කාවන්තිස්ස ඇත් රජුගේ වියෝව අපේ හදවත්වලට තදින්ම දැනුණු සිදුවීමක්. ඒ සිදුවීමත් එක්ක අපි නැවත හිතලා බලන්න ඕන තවත් බොහෝ දේවල් තියෙනවා. අලි–මිනිස් ගැටුමට සැබවින්ම වගකිව යුත්තේ කවුද? වනාන්තර අහිමි වන සතුන්ට යන්න ඉතිරිව ඇත්තේ කොතැනද? සතුන්ට ආදරය කිරීමෙන් අපේ ජීවිතවලට ලැබෙන්නේ මොනවාද? සත්ව හිංසනය, පරිසර විනාශය, අලි–මිනිස් ගැටුම, මිනිසුන්ගේ ක්‍රියාකලාප නිසා සතුන් මුහුණ දෙන අවාසනාවන්ත සිදුවීම් වගේම කුඩා කාලයේ සිටම දරුවන්ට සතුන් කෙරෙහි ආදරය සහ කරුණාව පුරුදු කිරීමේ වැදගත්කම ගැනත් මෙවර අපි කතා කරනවා. අපි නොහිතන, නොදකින සතුන්ගේ ජීවිතවල සැබෑ තත්ත්වය ගැනත්, මිනිසුන් විදිහට අපෙන් ඉටුවිය යුතු වගකීම් ගැනත් හිතන්න යමක් ඉතිරි කරන සංවාදයක්. 🎙️ මෙහෙයවීම නිශාන්ති දිල්රුක්ෂි 🎙️ ආරාධිතයන් භාතිය අර්ථනායක මහතා ජාත්‍යන්තර පරිවර්තනීය පුහුණුකරුවන්ගේ සම්මේලනයේ සාමාජික, ආයතනික පුහුණුකරු තරංග විපුලගුණ මහතා වනජීවී ඡායාරූප ශිල්පී, ග්‍රන්ථ රචක ⏱️ VIDEO CHAPTERS 00:00 – අද සංවාදයේ විශේෂ අවස්ථා 01:56 – හැඳින්වීම: සොබාදහම සහ සත්ව කරුණාව 05:25 – සතුන්ට ආදරය කිරීමෙන් අපට ලැබෙන්නේ මොනවාද? 09:07 – කාවන්තිස්ස ඇත් රජුගේ වියෝව සහ මනුෂ්‍යත්වය 11:19 – ශ්‍රී ලංකාවේ වනාන්තර සහ වනජීවීන්ගේ අනාගතය 13:58 – අලි–මිනිස් ගැටුමට සැබෑ වගකිවයුත්තා කවුද? 18:11 – අලි–මිනිස් ගැටුමට විසඳුම් සෙවීමේ වගකීම 21:35 – සත්ව හිංසනය සහ අපේ සමාජයේ හැසිරීම් 23:29 – අසරණ සතුන්ට සිදුවන අවාසනාවන්ත අනතුරු 24:49 – වනසතුන් සමඟ මිනිසුන්ගේ වැරදි ගනුදෙනු 30:24 – මහමඟදී හමු වූ ඉබ්බෙකුගේ ජීවිතය බේරාගත් හැටි 32:06 – මිනිස් ක්‍රියාකාරකම් නිසා පීඩා විඳින අලි ඇතුන් 35:00 – සතුන්ගේ වේදනාව, මෛත්‍රිය සහ සදාචාරය 39:05 – නීතියට එහා ගිය හෘද සාක්ෂියේ වගකීම 40:37 – සතුන්ට ආදරයෙන් කතා කිරීමේ වැදගත්කම 42:28 – කාවන්තිස්ස ඇත් රජුගේ අවසන් මොහොතේ සිදු වූ දේ 46:55 – සොබාදහමට ආදරය කිරීමේ සැබෑ අර්ථය 49:43 – පරිසරය රැකීමට දැනුම පමණක් ප්‍රමාණවත්ද? 53:19 – සත්ව කරුණාව සහ පරිසර සංරක්ෂණය ආරම්භ කළ යුත්තේ කොතැනින්ද? 55:30 – අසරණ සතුන්ට රැකවරණය දීමේ අත්දැකීම් 57:49 – මිනිසාටත් සතුන්ටත් ඇති පහසුකම්වල වෙනස 59:08 – දරුවන්ට සත්ව කරුණාව ඉගැන්විය යුත්තේ ඇයි? 1:00:20 – අවසාන පණිවිඩය: මනුෂ්‍යත්වය සහ සොබාදහම සතුන්ටත් අපිට වගේම මේ ලෝකයේ ජීවත් වීමේ අයිතියක් තියෙනවා. ඒ අයිතිය වෙනුවෙන් අපි කොයිතරම් දුරට පෙනී සිටිනවාද කියන එක අපි හැමෝම හිතලා බලන්න ඕන දෙයක්. ඔබේ අදහසත් පහතින් Comment කරන්න. මේ සංවාදය වැදගත් කියලා හිතෙනවා නම් තවත් කෙනෙකුට Share කරන්න. මෙවැනි හරවත් සංවාද සඳහා Dil Unscripted සමඟ දිගටම රැඳී සිටින්න. ❤️ #DilUnscripted #Kavantissa #AnimalWelfare #WildlifeConservation #SriLanka #SinhalaPodcast