සදහම් සාකච්ජා (07-01-2023)
Nibbida නිබ්බිදා
0:00 / 0:00
සදහම් සාකච්ජා (07-01-2023)
3 045 просмотров · Трансляция закончилась 3 года назад
Nibbida නිබ්බිදා
1,79 тыс. подписчиков
3 045 просмотров · Трансляция закончилась 3 года назад
"තථාගත බුදුපියාණන්වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා (මුල් බුදු සමය) ඇසුරෙන් කෙරෙන සදහම් විග්‍රහය"
07/01/2023
0:00 ආරම්භය
0:41 තථාගත බුදු පියාණන් වහන්සේලා සම්බෝධයෙන් අධිගත කොට අනුදැණ වදාළ මුල, මැද සහ අග අතිශය පිරිසිදු වූද, පරිපූර්ණ වූද, 'සුභාෂිතය' ප්‍රගුණ කරන්නෝ සද්ධා පටිලාභය නොහොත් 'මග ඵල' ලබති.
9:00 "බහිද්දස්ස විඤ්ඤාණං වික්ඛිත්තං විසඨං",..... බහිද්ද නාමරූපය ක්‍රමයෙන් අජ්ක්ධත්ත සවභාවය දක්වා කිළිටි වේ.
13:04 සුඛ වේදනීය වූ අජ්ක්ධත්ත ආයතනයට රාගයෙන් නැවත බැඳීමෙන් ආස්වාදය නිර්මාණය වේ.
20:02 "සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ",..
සිත කිළිටි වන මොහොතේ උපදින කාම සඤ්ඤා විවිධාකාරයෙන් වැඩිදියුණු වී සංකල්පනා බවට පත්වේ.
23:03 අන්‍ය ආගම් වල ධ්‍යාන වැඩෙන අයුරු බුදු දහමට අනුව සලකා බලමු.
29:54 "සඤ්ඤානිධානා හි පපඤ්ච සඬ්ඛා,....." වටිනා කම් ඇති සිතිවිළි වලට නිධානය වන්නේ සංඤ්ඤාවයි.
35:30 'සේවිතබ්බ විතක්ක සහ න සේවිතබ්බ විතක්ක',... සියළු විතක්ක ප්‍රහාණයෙන් ධම්ම විතක්ක වඩා ගන්න.
41:14 'ඉමස්මිඤ්ච පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤමානෙ',...
ධම්ම විචාරයේ වැදගත්කම.
43:30 තුන් බවයටම පොදු වූ 'යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං',... ස්වභාවය හඳුනා ගැනීමට හැකිවන්නේ සිතෙහි විනීවරණ මොහොත දුටු ශ්‍රතවත් අරිය ශ්‍රාවකයාටය.
52:43 "කථමංච භික්ඛවේ දුක්ඛං",.. ආර්ය්‍යන් පමණක් දන්නා කායසිඛං දුක්ඛං සහ චේතසිඛං දුක්ඛං,....
1:02:29 "සුඛ සෝමනස්සය සහ දුක්ඛ දෝමනස්සය" සමග පළමු හුල සහ දෙවැනි හුල ගලපන්නේ කෙසේද?
1:16:27 නාමරූප සහ විඤ්ඤාණය අතර ඇති සබඳතාවය.
1:22:51 දහම නොදන්නා කෙනෙකුට නිවන ගැන කියා දීමට පෙර 'උදය වැය' පිළිබඳව කරුණු පහදා දෙන්න.
1:24:27 ව්‍යාපාදයට පට්ච්ඡ වීමෙන් ලැබෙන මිච්ඡා ලාභය.
1:28:28 "ස වේ සම්මස්දසෝ භික්ඛූ, පරිජානාති වේදනා; සො වේදනා පරිඤ්ඤාය, දිට්ඨෙ ධම්මෙ අනාසවො; කායස්ස භෙදා ධම්මට්ඨො, සඬ්ඛ්‍යං නොපෙති වෙදගූ, ති",.... ප්‍රඤ්ඤා චක්ඛුවෙක් දකින තුන් වේදනාව සහ අවේදෙයිත සුඛය.
1:42:03 තුන් වේදනාවෙන් තොරව සුඛයක් විඳීමට ලෝක සත්වයා නොදනී. අර්ය්‍ය ශ්‍රාවකයා අවේදෙයිත වූ නිබ්බාණ සුඛය විඳී.
1:47:30 ව්‍යාපාදයෙන් සිත මිදෙන විට ඉතිරි වන රාග සිතිවිළි වලින් මුසපත් නොවී කාම භෝගීව ජීවත් විය හැක.
1:55:38 ව්‍යාපාදයට ඇති ඡන්දය ප්‍රහාණය කරණ ඉන්ද්‍රිය සංවරය තව දුරටත් සතර සතිපට්ඨානය වැඩීමෙන් දෝස මූලය ප්‍රහාණය දක්වා වැඩේ.
1:58:05 කෙළෙස් ප්‍රහාණය වන ධම්ම විතක්ක ලෝකයෙන් එතෙර වීමට උපකාර කරයි. සතර සතිපට්ඨානය තුළින් තවදුරටත් එය තීව්ර වේ.
2:05:24 "කොධො මොස වජ්ජඤ්ච කථංකථාච ~ එතෙපි ධම්මා ද්වයමේව සන්තෙ",...
කලහ විවාද සූත්‍රාන්ත කොටසක්,.....
2:13:05 අවිජ්ජාව සහ තණ්හාව එකට බද්ධව යෙදෙන ධම්මතාවයන්ය.
2:26:40 මාර්ග ඵල ලාභීන්ට දේශනා කළ "සීල, සමාධි, ප්‍රඤ්ඤා" සහ අශ්‍රතවත් පෟතග්ජනයාට වදාළ " ප්‍රඤ්ඤා, සීල, සමාධි",....
2:45:34 "අන්තෝ ජටා බහි ජටා ~ ජටාය ජටිතා පජා",...... මග ඵල ලාභී දෙවියෙකුගේ ප්‍රඤ්ඤා පැන අරභයා පරියායන් තුනකින් අනුදැණ වදාළ කෙළෙස් බිඳ හැරීමේ මග.
2:54:13 සිත යනු පටිච්චසමුප්පාද ක්‍රියාවලියට තවත් නමකි.
2:58:27 " යෝ හොති භික්ඛූ අරහං කථාවී ~ ඛීනාසවො අන්තිම දේහධාරී",..
රහතන්වහන්සේ 'මම' යැයි ව්‍යවහාර කරන්නේ මන්ද?
3:15:13 "පියා සු ලොකස්මිං කුතෝනිදානා",...
ප්‍රිය රූපයන් උදෙසා හට ගන්නා 'ලෝභය',...
3:18:25 "ප්‍රඤ්ඤාව සහිත ශ්‍රැතවත් ආර්ය්‍ය ශ්‍රාවක ඔබ මේ ජීවිතයේදීම උපරිම මග ඵලය දක්වා මග වඩන්න",.....