Перейти к содержимому

Another Sunday Special - Chicken Biriyani with Raita / බිරියානි එක හදපු මෙනු එක

Cook with Love

0:00 / 0:00

Another Sunday Special - Chicken Biriyani with Raita / බිරියානි එක හදපු මෙනු එක

100 105 просмотров · 3 года назад
Cook with Love
104 тыс. подписчиков
100 105 просмотров · 3 года назад
ඉරිදා හදපු විශේෂ කෑම වේල ගෙවුන ඉරිදාවෙත් මං හැදුවේ විශේෂ කෑම වේලක්.. ඉක්මනින් හදාගන්න පුළුවන් කෑම වේලක්.. කුකුල්මස් බිරියානි එකක් හදලා, රයිතා එකකුත් හදලා මිංචි සම්බෝලයක් හදලා බිත්තර තැම්බුවා. අතුරුපසට වටලප්පන් එකක් හැදුවා.. වටලප්පන් එක හැදුවේ මේ සැරේ මං ස්ටීම් කරලා මුල්ම වතාවටයි ස්ටීම් කරලා හැදුවේ. 🔹වටලප්පන් එකට ඕන දේවල් ▪️වතුර කෝප්ප භාගයක් ▪️හකුරු ග්‍රෑම් 350 ▪️කරදමුංගු 2 ක් ▪️කරාඹුනැටි 2 ක් (කරාබුනැටි කරදමුංගු වංගෙඩියේ දාලා කෙටුවා) ▪️බිත්තර 6 ක් ▪️පොල්කිරි කෝප්ප 1 ක් ‍රස වැඩි කරගන්න කජු මුදුරස්පලම් දාන්න මං එකතු කරේ නෑ.. 🔹රයිතා එකට ඕන දේවල් ▪️ගර්කින් ගෙඩි 2 ක් ▪️කැරට් අලයකින් භාගයක් ▪️ලූනු ගෙඩියකින් භාගයක් ▪️තක්කාලි ගෙඩියකින් භාගයක් ▪️ගම්මිරිස්කුඩු තේහැදි කාලක් ▪️ලුණු කුඩු තේහැදි භාගයක් ▪️දෙහි යුශ තේහැදි එකක ‍▪️යෝගට් මේසහැදි 3 ක් 🔹මිංචි සම්බෝලේ ට ඕන දේවල් ▪️මිංචි කොල කෝප්ප 1 ක් ▪️ළූනු ගෙඩියකින් හතරෙන් පංගුවක් ▪️අමුමිරිස් කරල් 2 ක් ▪️සුදුලූනු බික් 2 ක් ▪️පොල් කොප්ප භාගයක් ▪️ගම්මිරිස් කුඩු තේහැදි කාලක් ▪️දෙහි යුශ තේහැදි 1 ක් ▪️ලුණුකුඩු තේහැදි භාගයක් 🔹බිරියානි එකට ඕන දේවල් කුකුල් මස් ටික මැරිනේට් කරන්න ▪️කුකුල්මස් කිලෝ 1 ක් ▪️ලුණුකුඩු තේහැදි 2 ක් ▪️සුදුලූනු පේස්ට් තේහැදි 1 ක් ▪️ඉගුරු පේස්ට් තේහැදි 1 ක් ▪️අමු මිරිස් කරල් 4 ක් වංගෙඩියේ හීන් වෙන්න කොටලා ▪️බිරියානි මික්ස් එකෙන් මේසහැදි 2 ක් ▪️එලවලු තෙල් තේහැදි 1 ක් ‍▪️යොගට් මේසහැදි 3 ක් බත උයාගන්න ▪️බාස්මති හාල් කෝප්ප තුනක් ▪️බේලීව් 2 ක් ▪️කරදමුංගු 3 ක් ▪️කරාඹුනැටි 3 ක් ▪️ස්ටාර් ඇනිස් 2 ක් ▪️එලගිතෙල හරි බටර් හරි මේසහැදි 1 ක් ▪️වතුර කෝප්ප 6 ක් ▪️ලුණුකුඩු තේහැදි 2 ක් කුරුදුපොතු කෑල්ලකුත් දාන්න මං ගාව කුරුදුපොතු ඉවර වෙලා තිබුන නිසා දාන්න බැරි වුනා.. බිරියානි එක ගාර්නිශ් කරගන්න ▪️ලූනු ගෙඩියක් හීනියට කපලා රන්වන් පාට වෙන්න තෙලේ බැදලා ▪️කජු ටිකකුත් රන්වන් පාට වෙන්න තෙලේ බැදලා ▪️මුදුරස්පලම් ටිකකුත් තෙලේ බැදලා ▪️කොත්තමල්ලි කොල කොප්ප් බාගයක් ▪️මිංචි කොල කොප්ප භාගයක් ▪️නැවුම් කිරි කොප්ප කාලකට කහපාට කලරින් පොඩ්ඩක් දාලා දියකරන් ( saffron නැති නිසායි එහෙම කරේ) එලගිතෙල් තේහැදි 2 ක් රතුපාට කොලපාට ෆුඩ් කලරින් මං මගේ කැමැත්තට දැම්මේ. ඉදලා හිටලා බිරියානියක හදන්න පාවිච්චී කරන නිසා. ඒක ඔයාලාගේ කැමැත්‍ත අනුව කරන්න. අවශ්‍ය දේ විතරක් අරන් අනවශ්‍ය දේ බැහැර කරන්න❤️ කුකුල්මස් බිරියානි රෙසපි එක මට කියලා දුන්නේ මගේ යාලුවා නවාල් මිශාරීගෙන්.. සතුටෙන් විඩියෝ එක බලන්න.. පරිස්සමෙන් ඉන්න.. ආදරෙන්, හෂී🌸 🔹Cook with Love 'Instagram'   / homeyfoodies   igshid=YmMyMTA2M2Y= 🔹Cook with Love 'Tiktok' www.tiktok.com/@homeyfoodies 🔹Cook with Love 'Facebook'   / madebyhashi