නිබ්බේධික සූත්‍රය - සයවන දේශනය - පුජනිය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
Sarathi
0:00 / 0:00
නිබ්බේධික සූත්‍රය - සයවන දේශනය - පුජනිය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
530 просмотров · 1 г. назад
Sarathi
5,65 тыс. подписчиков
530 просмотров · 1 г. назад
https://tipitaka.lk/an-6-2-1-9
නිබ්බේධික සූත්‍රය - මෙම සූත්‍රය දේශනාවන් සයකින් සමන්විතය.
මහණෙනි, තොපට ‘නිබ්බේධික පරියාය’ නම් ධර්‍මපර්‍ය්‍යා ය දෙසමි. එ අසව, මනාකොට මෙනෙහි කරව, කියම්හය. ‘වහන්ස, එසේ ය’යි එ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ:
මහණෙනි, නිබ්බේධිකපරියාය නම් ධර්‍මපර්‍ය්‍යා ය කවරේ ය යත්:
මහණෙනි, කාමයෝ දතයුතු වෙත්. කාමයන්ගේ නිදානසම්භවය දතයුතු වෙයි. කාමයන්ගේ වේමත්තතා සඞ්ඛ්‍යාත නානාකරණය දතයුතු වෙයි. කාමයන්ගේ විපාකය දතයුතු වෙයි. කාමනිරෝධය දතයුතු වෙයි. කාමනිරෝධගාමිනීප්රතිපද් දතයුතු වේ.
මහණෙනි, වේදනා දතයුතු ය. වේදනාවන්ගේ නිදානසම්භවය දතයුතුය. වේදනාවන්ගේ වේමත්තතා සඞ්ඛ්‍යාත නානාකරණය දතයුතු ය. වේදනාවන්ගේ විපාකය දතයුතු ය. වේදනානිරෝධය දතයුතු ය. වේදනානිරෝධගාමිනීප්රතිපද් දතයුතු යි.
මහණෙනි, සංඥා දතයුතු ය. සංඥාවන්ගේ නිදානසම්භවය දතයුතු ය. සංඥාවන්ගේ වේමත්තතාව දතයුතු ය. සංඥාවන්ගේ විපාකය දතයුතු ය. සංඥානිරෝධය දතයුතු ය. සංඥානිරෝධගාමිනීප්රතිපද් දතයුතු යි.
මහණෙනි, ආස්‍රවයෝ දතයුත්තාහ. ආස්‍රවයන්ගේ නිදානසසම්භවය දතයුතු වෙයි. ආස්‍රවයන්ගේ වේමත්තතාව දතයුතු ය. ආස්‍රවයන්ගේ විපාක දතයුතු ය. ආස්‍රවනිරෝධය දතයුතු ය. ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපද් දතයුතු යි.
මහණෙනි, කර්මය දතයුතු ය. කර්මයන්ගේ නිදානසම්භවය දතයුතු ය. කර්මයන්ගේ වේමත්තතාව දතයුතු ය. කර්මවිපාකය දතයුතු ය. කර්‍මනිරෝධය දතයුතු ය. කර්මනිරෝධගාමිනීප්රතිපද් දතයුතු යි.
🌻මෙම උතුම් දේශනාව පැවැත්වු දේශකයාණන් වහන්සේ, පුජනීය පානදුරේ චන්දරතන හිමිපාණන්ව පාද නමස්කාර පුර්වකව වන්දනා කරමු. තව තවත් උන්වහන්සේට මෙවන් උතුම් ධර්ම දේශනාවන් පවත්වන්නට කායික හා මානසික ශක්තිය, එමෙන් ම ධර්ම ඥාණය ද දිනෙන් දින දියණු වේවායි පතන්නෙමු. කෙටිම කෙටි කාලයකින්, පහසුම ආකාරයකින්, සියළු කෙළෙසුන් කෙරෙන් දුරු වී පරම ගම්භීර චතුර්ය්ය සත්‍ය අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙන්නට මෙම ධර්ම දේශනාමය කුසලය හේතු වේවායි පතන්නෙමු.🙏🙏🙏
🌼දේශනාව සංවිධානය කල සැමට, ඊට දායක වූ සැමට, මේ අයුරින් පටිගත කල සැමට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ කෙළවර සසර දුක් අවසන් කර ගැනීම පිණිසම මෙම පුණ්‍ය ශක්තිය හේතු වේවායි පිං අනුමොදන් කරමු🙏🙏🙏