Перейти к содержимому

Bana Samanala - බෑන සමනල | Fourth Highest Mountain of Peak Wilderness Sanctuary

Wild Hiker

0:00 / 0:00

Bana Samanala - බෑන සමනල | Fourth Highest Mountain of Peak Wilderness Sanctuary

1 049 просмотров · 1 г. назад
Wild Hiker
185 подписчиков
1 049 просмотров · 1 г. назад
බෑන සමනල කදුවැටිය එසේත් නැත්තම් බෑනසමනලගල , සමනල ස්වභාව රක්ෂිතයේ උසින් සිව්වැනියට උසම කන්ද වේ. මෙහි උසම මුදුන මුහුදු මට්ටමේ සිට 2010.76 m ක් වේ. කදු නගින්නන්ගේ සිහිනයක් වන මෙම කදුවැටියේ කදු මුදුනට ශ්‍රීපාදස්ථානය ඉතා දර්ශනීයව දිස්වේ. රත්නපුර, කැගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලට අයත් සමනල ස්වභාව රක්ෂිතයේ මධ්‍යය හරහා පළාත් මායිමි වැටී ඇති අතර මෙම මායිමේ හරි අපුරැ මායිම් සලකුණු කිරීමක් දක්නට ලැබේ. එනම් බෑන සමනල කදු යුගලයක හරි මැදින් වෙන්කොට පළාත් මායිම වැටී තිබීමයි. ( රත්නපුර හා නුවරඑළිය දිස්ත්‍රික් මායිම ) මෙහි විශේෂත්වය දක්නට ලැබෙන්නේ රත්නපුර සහ ඒ අවටදී බෑන සමනල කදු යුගලය මැදින් සමනල කන්ද දක්නට ලැබීමේදී රත්නපුර දිස්ත්‍රික්කයට අයත් සමනල කන්දට ඉදිරියෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට අයිති කන්දක් වන බෑන සමනල කන්ද දක්නට ලැබීමයි. එමෙන්ම බෑන සමනල කන්දට යාබද කන්ද " කුඩා බෑන සමනල හෙවත් "ධර්මරාජගල" ලෙස හදුන්වයි. මෙය රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටයි. රත්නපුර හා ඒ අවටදී බෑන සමනල යුගලය මැදින් සමනල කන්ද දර්ශනය වීමේදී තවත් විශේෂ යෙදුමක් හාවිත කෙරේ. එනම් බෑන සමනල කදු යුගලය "දෑල සමනල" ලෙස හැදින්වීමයි. මෙහීදි දැල යන වචනයේ අරථය නම් දෙපසින් පිහිටි යන්නයි. බෑන සමනල කදු යුගලය මැදින් සමනල කන්ද දර්ශනය වන හෙයින් රත්නපුර හා ඒ අවට පුදේශ වලට පෙනෙන මෙම දර්ශණය නිසාම බෑන සමනල කදු යුගලය "දෑල සමනල" ලෙස හදුන්වනු ලබයි. එමෙන්ම මෙම කන්දේ ස්වභාවය ඈත සිට දකින කළ සුවිශේෂී හැඩයක් ගනී. ඈත සිට බැලූ කළ ගිරා හොටයක් සේ දිස්වෙයි. එසේම මෙය බැදපු කොණ්ඩයක හැඩයක් සේ දිස්වන නිසා ඇතැමුන් "කොණ්ඩගල" ලෙසද හදුන්වයි. බෑන සමනල කදුවැටිය හා බෑන සමනල නෙරැව ආශ්‍රිත ප්‍රදේශය සුවිශේෂී වන්නේ ජල පෝෂක ප්‍රදේශයක් වන බැවිනි. අධි සංවේදී පරිසර පද්ධතියක් වන මෙම ඉසව්ව අති සුවිශේෂී භූගෝලීය පිහිටුමක් ගනී. සමනල සහ බෑන සමනල නෙරැව කොටසේ දෙපසින් ශ්‍රී ලංකාවේ මහා ගංගාවන් දෙකකට දියවර සැපයීම සිදු කරනු ලබයි. එනම් මීටර් 1950m පමණ උසකදී නෙරැවේ එක පසෙකින් කුරැ ගග ලෙසින් කලු ගගටත් අනෙක් පසින් අග්ගලා දොල හා බත්තුලු ඔය ලෙසින් කැලණි ගගටත් දියවර සපයයි. මලියදේව මහ රහතන් වහන්සේ හා තවත් හික්ෂුන් 900 ක් සමග බෑන සමනල කන්ද මුදුනේ ගල් ගුහාවක වැඩ වාසය කල බවටද ජනපවාද වලද සදහන් වේ. එසේම රාවණා රජුගෙ සහෝදරයෙකු හෝ බෑනා වාසය කල බවද කියවේ. #banasamanala #peakwildernesssanctuary #banasamanalagala