වැසුනු පියගැටපෙළවල් මතින් 2026 අවාරයට සිරිපා කරුණාව / Off Season Sripada Pilgrimage /
Soul Seeker
0:00 / 0:00
වැසුනු පියගැටපෙළවල් මතින් 2026 අවාරයට සිරිපා කරුණාව / Off Season Sripada Pilgrimage /
10 137 просмотров · 5 дней назад
Soul Seeker
896 подписчиков
10 137 просмотров · 5 дней назад
ආයුබෝවන් ..
අවාරයේ සිරිපා කරුණාව/ 2026 සැප්තැම්බර් 12-13 / හැටන් නල්ලතන්නි මාර්ගය ඔස්සේ ඉහළට කරුණා කර රත්නපුර පළාබද්දල මාර්ගය ඔස්සේ පහළට කරුණාව.
මිනිසුන් වාරය තෝරා ගනිද්දි අපි දෙව් බඹුන් වඩිනා අවාරය තෝරා ගත්තේ වදින්නට නොව විදින්නටයි.
උදේ පාන්දර 4ට විතර නැගිටලා රෑට කන්න රොටී ගුලියකුත් අනාගෙන මන් පිටත් උනේ බලන්ගොඩින් 7.20 යන හැටන් බස් එක අල්ලගන්න. ඉතින් මාත් එක්ක යන අනිත් අය මගින් මේ ගමනට එකතු වෙනවා.කොහොම හරි අපි කට්ටියම ඒ බස් එකේ ගිහින් නෝර්වුඩ් වලින් බැහැල මස්කෙලියට ගිහින් තමයි නල්ලතන්නි බස් එක ගත්තෙ.මොකද මේ අවාරයේ බස් ගොඩක්ම අඩුයි.නල්ලතන්නියෙන් බැස්ස ගමන් පොලීසියෙ අපේ නම් සටහන් කරල සිදු කරපු පරීක්ශාවකින් පස්සෙ අපිට කිව්වෙ කිසිදු මත්ද්‍රව්‍යක් නොගෙනයන ලෙසත් ගෙනයන සියලු දේ නැවත පහලට රැගෙන එන ලෙසත් ය. එතැනින් නික්මුනු අපිට ඊළගට මකර තොරණ ගාවින් නිකුත් කරන අවසර පතක් ගැනීමට සිදු වුනි.මන්ද මේ අවාරයේ කරුණා කළ හැකි මාර්ග ලෙස හැටන් නල්ලතන්නි මාර්ගයත් රත්නපුර පලාබද්දල මාර්ගයත් පමණක් ලබා දෙමින් අවසර පතක් ලබා ගැනීමත් අනිවාර්ය කල නිසාය.
ඉතින් එතැන් පටන් අපේ අවාරයේ සිරිපා කරුණාව මෙසේය
00:30 - හැටන් නල්ලතන්නියෙන් කරුණාවක ආරම්භය
03:28 - අවාරය සදහා අවසරය
06:12 - කොටි වසුරු
08:28 - ජපන් සාම විහාරය
11:06 - අවාරයේ සීත ගගුල
14:00 - රතු අම්බලම
15:01 - අවාරයේ යකා හැඩූ ඇල්ල
17:06 - ඉදිකටුපාන
18:05 - 2025 සිරිපාදයේ සිදු වූ ගල් පෙරලීම
19:45 - නාය යාමක්
20:50 - 2026 සිදු වූ විශාලම නාය යාම
21:48 - 2000 දී රුපියල් 32ට කාපු ඒව
24:30 - උඩමලුව
26:24 - කහ පාට මල්වත්තක් මැදින්
29:55 - රාත්‍රී නවාතැන්පල
31:45 - හිමිදිරි උදයේම මලුව බලා
33:32 - දෙව්ලොව ඉර සේවය
34:16 - පළාබද්දල මාර්ගයෙන් පහලට කරුණාව
35:03 - දෙවියන්ගේ වාරයට සැරසුනු අඩවිය
45:27 - වැස්සක්
48:34 - මහ කැලේ මැද යහලුවෙක්
51:50 - රතනපුර පළාබද්දල පන්සල අසලින් කරුණාවක අවසානය.
ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ අවාරයේ සිරිපා කරුණාවේ රූප රචනාව ලිය උනේ.ඔයාලත් අවාරයේ සිරිපා කරුණා කරනව නම් පිය සටහන් පමණක් තබා පරිස්සමින් ගිහින් එන්න. අවාරයේ සිරිපා කරන ඔබ සැමට තෙරුවන් සරණයි.
#awarayesiripakarunawa2026 #sripadaoffseason
awarayesripadaya #adamspeak #awaraya2026