Перейти к содержимому

ආර්ය සත්‍ය සහ සසර භය ~ Ven. Kudawe Pemaloka Thero.

සබ්බදානං ධම්ම දානං ජිනාති

0:00 / 0:00

ආර්ය සත්‍ය සහ සසර භය ~ Ven. Kudawe Pemaloka Thero.

2 300 просмотров · 1 год назад
සබ්බදානං ධම්ම දානං ජිනාති
6,44 тыс. подписчиков
2 300 просмотров · 1 год назад
~ චතුන‍්නං භික‍්ඛවෙ අරිය සච්චානං ~ පූජණීය කුඩාවේ පේමාලෝක ස්වාමීන්වහන්සේ ආර්ය සත්‍ය අවබෝධ නොකර ආ දීර්ඝ සංසාර ගමන සහ සසර භය. ආර්ය භාවයට පුද්ගලයන් පත් කරන සත්‍ය සතර චතුරාර්ය සත්‍ය වශයෙන් හඳුන්වනු ලැබේ. බුදු දහමෙහි එන ඇතැම් චාරිත්‍ර වාරිත්‍ර එදා සමාජයෙහි සාධුසම්මතව ද පැවැතුණි. එහෙත් මෙම චතුරාර්ය සත්‍ය ධර්මයන් භවයෙන් වැසී තිබී බුදුරජාණන් වහන්සේ විසින් ම සොයාගන්නා ලදී. අන්‍ය උපදේශයක් නැතුව තමන් වහන්සේ විසින් ම සොයාගන්නා ලද නිසා උන්වහන්සේ සම්මාසම්බුද්ධ නාමයෙන් හඳුන්වති. සංසාර විමුක්තිය ලබා ගැනීම සඳහා මෙම පරම සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍යය. එහි අන්තර්ගත ප්‍රධාන කරුණු නම් මේ පරාමාර්ථ සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට හළ යුතු කාමසුඛල්ලිකානු යෝගයත් අත්තකිලමතානුයෝගයත් යන අන්ත දෙකත් අනුගමනය කළයුතු නිවන් ලැබීමට ඒකායන මාර්ගය නම් වූ මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ය. මෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙන් සසර ගමන නවතා පරම සුඛය නම් වූ නිර්වාණය ලබා ගත හැකිය. සත්‍යාවබෝධය නො වන තාක් සසර දිගින් දිගට ම ගමන් කිරීමට සිදුවෙයි. “ මහණෙනි චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ නො කිරීමේ හේතුවෙන් මටත් ඔබටත් සසර බොහෝ කාලයක් සැරිසරන්නට සිදුවිය.” යනුවෙන් බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කළහ. බුදු, පසේ බුදු, මහරහතුන් ආර්ය තත්වයට පත් කරන හෙයින් මෙම සත්‍ය සතර ආර්ය සත්‍ය නමින් හැඳීන්වෙයි. මෙම ආර්ය සත්‍ය සතරට තව කිසිවක් එකතු කරන්නට නැත. එසේ ම සත්‍ය සතරක් නොව තුනෙකි. තැනහොත් දෙකෙකි යයි අඩු කිරීමක් ද කළ නොහැකිය. දුක්ඛ නිරෝධාර්ය සත්‍යය පිරිසිඳ දත යුතු ය. දුක්ඛ සමුදයාර්ය සත්‍යය ප්‍රහාණය කළ යුතු ය. දුක්ඛ නිරෝධාර්ය සත්‍යය සාක්ෂාත් කළ යුතු ය. දුක්ඛ නිරෝධගාමිණී ප්‍රතිපදාර්ය සත්‍යය වැඩිය යුතුය. ආර්ය සත්‍ය සතර නම්:- දුක්ඛ - දුක, සමුදය – දුක හටගැනීම නිරෝධ – දුකින් මිදීම, මග්ග - දුකින් මිදීම සත්‍යයෙහි මූලික ලක්ෂණ තුනක් විද්‍යාමාන වේ. තථ, අවිතථ, අනඤ්ඤ, තථ - ඒකාන්ත සත්‍ය බව, අවිතථ - සැමදා ලෝකයේ පවතින වෙනස් නොවන සත්‍ය බව අනඤ්ඤතථ - අන් පරිද්දකින් නො වන බව. Apr 09 2025 ෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී, සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴ ෴ තුනුරුවන්ගේ අනන්තවූ සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴ ~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~ සම්පූර්ණ දේශනා මාලා පහත සඳහන් සබැඳිය තුලින් ලබාගන්න (Complete Sermon Series): ▶️ Link: 1. විශේෂ ධර්‍ම දේශණා -    • 1. විශේෂ ධර්‍ම දේශණා - ශාස්ත්‍රපති පූජණීය ...   ▶️ Link: 2. වෝහාර දේශනා -    • 2. වෝහාර දේශණා  ~ ශාස්ත්‍රපති පූජණීය වටගොඩ...   ▶️ Link: 3. චිත්තවිශුද්ධි දේශනා -    • 3. චිත්ත විශුද්ධිය ~ ශාස්ත්‍රපති පූජණීය වට...   ▶️ Link: 4. Dhamma Vinicchaya -    • 6. Dhamma Vinicchaya - (ධර්ම විනිශ්චය) - M...   ▶️ Link: 5. පොහෝ දින දේශනා -    • 4. පොහොය දින විශේෂ ධර්ම දේශණා - ශාස්ත්‍රපත...   ▶️ Link: අසංඛතගාමී මාර්‍ගය -    • අසංඛතගාමී මාර්‍ගය   Hand Outs - අත් පත්‍රිකා පහත සබැඳිය තුලින් ලබාගන්න:-- අධිචිත්ත සික්ඛා (Adichittha):-- https://drive.google.com/drive/folder... වෝහාර දේශනා (Vohara):-- https://drive.google.com/drive/folder... Dhamma Vinicchaya:-- https://drive.google.com/drive/folder... “සබ්බදානං ධම්ම දානං ජිනාතී”