✅ මස් මාළු නැතුව බිරියානි රසට ලේසියෙන් හදන යෝගට් ග්‍රීන් පීස් බත් | Easy Veg Rice Recipe in Sinhala
Cook With Chanu
0:00 / 0:00
✅ මස් මාළු නැතුව බිරියානි රසට ලේසියෙන් හදන යෝගට් ග්‍රීන් පීස් බත් | Easy Veg Rice Recipe in Sinhala
152 просмотра · 5 дней назад
Cook With Chanu
1,47 тыс. подписчиков
152 просмотра · 5 дней назад
අද මම ඕගොල්ලන්ට අරන් ආවේ මස්, මාළු, බිත්තර මුකුත්ම නැතුව හරිම ලේසියෙන් බිරියානි රසටම හදාගන්න පුළුවන් විශේෂ යෝගට් ග්‍රීන් පීස් බත් (Yogurt Green Peas Rice) එකක්. වෙජිටේරියන් අයට වගේම වෙනස් රසයකට ලේසියෙන් බත් එකක් හදාගන්න හොයන ඕනෑම කෙනෙකුට මේක ඉතාම පහසුවෙන් ලිපේ හෝ රයිස් කුකර් එකේ හදාගන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය (Ingredients):
බාස්මති හෝ වෙනත් සහල් (කැකුළු නොවන): කෝප්ප 2 (සහල් කෝප්ප 3ක් දක්වා වුවද ප්‍රමාණවත් වේ)
ප්ලේන් යෝගට්: මේස හැඳි 3 (කෝප්ප 1)
ග්‍රීන් පීස්: කෝප්ප 1
පොල්තෙල් හෝ තෙල්: මේස හැඳි 2
ලොකු ලූනු: ගෙඩි 2 (ලියලා ගත්)
අමු මිරිස්: කරල් 2 (ලොකුවට කපාගත්)
ඉඟුරු: තේ හැඳි 1 (චොප් කරගත්)
සුදු ලූනු: බික් 5 (පොඩියට චොප් කරගත්)
සූදුරු: තේ හැඳි 2
කරඳමුංගු: ඇට 8ක් විතර (තළාගත්)
කරපිංචා, රම්පෙ සහ බේ ලීෆ් (Bay leaf)
වතුර: කෝප්ප 2 - 2.5ක් පමණ
වීඩියෝ එක බලලා ඔයාලත් ගෙදරදී හදලා බලන්න! වීඩියෝ එකට ලයික් කරන්න, යාලුවන් අතරේ ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. චැනල් එක තවමත් Subscribe කරලා නැත්නම් Subscribe කරලා එකතු වෙන්න.
#YogurtRice #GreenPeasRice #VegBiryani #SriLankanRecipe #RiceCookerRecipes #VegetarianRecipes #SinhalaCooking