අනෝජන් සිවරාසාට මොකක් වෙයිද? | What Will Happen to Anojan Sivarasa?
K SANJEEWA
0:00 / 0:00
අනෝජන් සිවරාසාට මොකක් වෙයිද? | What Will Happen to Anojan Sivarasa?
196 просмотров · 4 ч назад
K SANJEEWA
2,36 тыс. подписчиков
196 просмотров · 4 ч назад
මුහම්මද් නබිනායකතුමාට අපහාස වන ආකාරයේ Facebook සටහනක් පළ කළ බවට චෝදනා ලබා සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකිකයෙකු වන සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් මේ වනවිට නවතම තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
ඔහු සෞදි බන්ධනාගාරයේ සිටියදී අනෙකුත් සිරකරුවන්ගේ පහරදීමකට ලක්ව හිසට තුවාල ලබා ඇති බවට ඔහුගේ පවුලට සහාය වන සමාජ ක්‍රියාකාරිකයෙකු වන රාජ්කුමාර් රජීව්කාන්ත් ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු තවමත් ස්වාධීනව තහවුරු වී නොමැත.
මේ අතර අනෝජන්ගේ මරණ දඬුවම අභියෝග කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් නීතිඥ කණ්ඩායමක් සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතය.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ අසාද් නවාවි, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ නීතිඥ හෆීල් ෆාරිස් ඇතුළත් සිව් පුද්ගල නීතිඥ කණ්ඩායම සෞදි නීතිඥවරුන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.
අනෝජන්ට මුලින් වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3ක පමණ දඩයක් නියම වී තිබුණද, ඔහුගේ අභියාචනයෙන් පසුව එම තීන්දුව වෙනස් කරමින් මරණ දඬුවම නියම කර තිබේ.
එසේ නම් ශ්‍රී ලංකාවට මෙම මරණ දඬුවම නවතා ගැනීමට හැකි වේද?
සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඇති නීතිමය මාර්ග මොනවාද?
රාජකීය සමාවක් ලබාගැනීමට ඇති අවස්ථාව කුමක්ද?
ශ්‍රී ලංකා රජයේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම කොතෙක් දුරට සාර්ථක වේද?
අනෝජන්ගේ බන්ධනාගාර ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති නවතම ගැටලුව කුමක්ද?
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු තවදුරටත් K News හරහා ඔබ වෙත ගෙන එන්නෙමු.
#AnogenSivarasa #AnogenSivarasa #SaudiArabia #DeathPenalty #SriLanka #KNews #SaudiLaw #AnogenCase