සදහම් සාකච්චා 2024-12-21
Nibbida නිබ්බිදා
0:00 / 0:00
සදහම් සාකච්චා 2024-12-21
2 596 просмотров · Трансляция закончилась 1 г. назад
Nibbida නිබ්බිදා
1,79 тыс. подписчиков
2 596 просмотров · Трансляция закончилась 1 г. назад
"තථාගත බුදුපියාණන් වහන්සේ විසින් අධිගත කරගත්තා වූ පෙර නොඇසූ විරූ දහම් ඇතුළත් වන 'මුල් බුදු සමය' හෙවත් 'ශ්‍රී මුඛ අභිධම්ම දේශනා' සහිත සූත්‍ර පිටකයේ සුබාසිත විග්‍රහය",...
0:00සදහම් සාකච්ඡාව 2024.12.21
0:05 ආරම්භය.
1:16 සෝතාපන්න ඵල ලාභියාට පමණක් මහානිසංසයක් ලෙස ලැබෙන 'අරිය කාන්ත වූ සීලය' සමාදන් විය නොහැක්කකි.
14:20 'ඉධ සාරිපුත්ත ඒකච්චෝ පුග්ගලෝ සීලේසු පරිපූරකාරී හෝති, සමාධිස්මිං පරිපූරකාරී පඤ්ඤාය මත්තසෝකාරී'
සාරිපුත්ත,
සෝතාපන්න ඵල ලාභියා, ඕරම්භාගිය සංයෝජන ප්‍රහාණය කරමින් පරිපූරකාරී වූ ප්‍රබල සීලයක් සහ පරිපූරකාරී වූ සමාධියක් ඇති අනාගාමී නම් වූ උතුම් ඵලයට පත්වීමට හැකි මාත්‍ර වූ පඤ්ඤාවකට හිමි කම් කියන්නෙකි.
18:58 ඒකබීජී හෝති, කෝලංකෝලෝ හෝති, සත්තක්ඛත්තුපරමෝ හෝති,..
තුන් ආකරයකින් දුක අන්ත කරන සෝතාපන්න උත්තමයා.
24:03 'ඉතිසීලං, ඉති සමාධි, ඉති පඤ්ඤා. සීලපරිභාවිතෝ සමාධි මහප්ඵලෝ හෝති මහානිසංසෝ. සමාධිපරිභාවිතා පඤ්ඤා මහප්ඵලා හෝති මහානිසංසා',..
බුදු පියාණන් වහන්සේ පිරිනිවීමට පෙර අරිය කාන්ත සීලයෙන් හෙබි උත්තම අරිය සාවක පිරිස් උදෙසා නැවත නැවත මතක් කර දුන් තුන් ආකාර වූ ශික්ෂාව.
28:28 පුථුජ්ජන මනසට හඳුනා ගත නොහැකි මනුස්ස සහ දේව ගති තුළ යෙදෙන 'ව්‍යාපාදය' කෙතරම් සියුම්ද යත්,..
49:12 'සෝ ඒවං පබ්බජිතෝ සමානෝ පාතිමොක්ඛසංවරසංවුතෝ විහරති ආචාරගෝචරසම්පන්නෝ, අණුමත්තේසු වජ්ජේසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදේසු',..
සෝතාපන්න ඵලයට පත් වූ උත්තමයා විසින් විහරණය කරමින් ශික්ෂණය විය යුතු පාතිමොක්ඛසංවර සීලය.
57:23 'සම්මාසංකප්පම්ප’හං භික්ඛවේ, ද්වයං වදාමි. අත්ථි භික්ඛවේ, සම්මාසංකප්පෝ සාසවෝ පුඤ්ඤභාගියෝ උපධිවේපක්කෝ, අත්ථි භික්ඛවේ, සම්මාසංකප්පෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ'.
දෙයාකාරයකින් දේශනාකර වදාළ සම්මා සංකප්පය.
1:11:37 'න පරො පරං නිකුබ්බෙථ, නාතිමඤ්ඤෙථ කත්ථචි න කඤ්චි, බ්‍යාරොසනා පටිඝසඤ්ඤා, නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්‍ය'.
'මාතා යථා නියං පුත්තමායුසා එකපුත්තමනුරක්ඛෙ,
එවම්පි සබ්බභූතෙසු, මානසං භාවයෙ අපරිමාණං'
කිසිදු ආකාරයකින් තරහව සහ පටිඝය නූපදවා සිටමින්, සියළු සත්වයින්ට අප්‍රමාණවූ මෙත්තා සිත වැඩිය හැක්කේ කෙසේදැයි බුදුපියාණන් උන්වහන්සේ විසින් මෙසේ අනුදැණ වදාළ සේක.
1:24:13 'දිස්වාන පාටිහීරානි ගෝතමස්ස යසස්සිනෝ
න තාවාහං පණිපතිං ඉස්සාමානේන වඤ්චිතෝ'
ගෞතම බුදු පියාණන්ගේ කීර්තිය හැමතැනම පැතිරිලා තිබුණා. ඒ ප්‍රාතිහාර්යයන් මං දැක්කා. එහෙත් මං තුළ තිබුණ ඉරිසියාවත්, මාන්නයත් නිසා මම උන්වහන්සේට වන්දනා කරන්න හිතුනෙ නැහැනෙ
උරුවෙල කස්සප ජටිල තෙමේ බුදුන් දැක නිවන් දුටුවේය. උතුම් ජින සාසනයේ පබ්බජිතයට පැමිණ අරහත් බව ලැබූ සේක.
1:33:24 බුද්ධ කාලයේ සිටි ධ්‍යාන ලාභීන් ඔවුන් ලද එම සුඛයේ වුවද ඌණතාවය දැකීමට සමත් වූවෝය. එහෙත් අද කාලයේ සමාධි ධ්‍යාන ලාභීන් යැයි කියා උඩඟුව වෙසෙන ඇතමුන් මේ දහමට එළඹීම උගහටය.
1:46:18 ලබන වසරේ පෙබරවාරි මස ගරු දේසක තුමාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර පැවැත්වෙන 'ධම්මස්සවන කාලෝ' සදහම් සාකච්ඡා වැඩසටහන් මාලාව පිළිබඳ කෙරෙන විශේෂ නිවේදනය.
2:03:39 'අපි චාහං ආවුසෝ ඉමස්මිං යේව බ්‍යාමමත්තේ කලේබරේ සඤ්ඤිම්හි සමනකේ'
පඤ්ච උපාදානස්කන්ධය නම් වූ 'කලේබරේ සඤ්ඤිම්හි සමනකේ' වන සත්වත්වය.
2:05:59 'යෝපි සෝ භික්ඛවේ භික්ඛු සේඛෝ අප්පත්තමානසෝ අනුත්තරං යෝගක්ඛේමං පත්ථයමානෝ විහරති,..
නිබ්බානයට පතිත නොවූ අරිය සාවකයන් අභිඤාණයෙන් විහරණය කරන අයුරු.
2:19:36 'චත්තාරෝ මේ ව්‍යග්ඝපජ්ජ, ධම්මා කුලපුත්තස්ස සම්පරායහිතාය සංවත්තන්ති සම්පරායසුඛාය. කතමේ චත්තාරෝ: සද්ධාසම්පදා සීලසම්පදා චාගසම්පදා පඤ්ඤාසම්පදා...
අරිය සාවකයා හට මෙලොවදී සහ පරලොවදී සැපය පිණිස පවතින ධම්මතා සතරකි.
2:24:09 'කලේභාර' සහ 'ඕහිතභාර' යනු කුමක්ද?
2:26:53 'කුතෝ සරා නිවත්‌තන්‌ති කත්‌ථ වට්‌ටං න වත්‌තති, කත්‌ථ නාමඤ්‌ච රූපඤ්‌ච අසේසං උපරුජ්‌ඣතී’ති,..
මේ කෙලෙස් ගඟ නවතින්නේ කොහේද? මේ නාමරූපයත්, විඤ්ඤාණයත් අතර ඇති සූලිය නවතින්නේ කෙසේද?
2:38:58 ආජානීය ක්ධායතයකදී අනුරක්ඛනය කළ යුතු භද්‍රක නිමිත්ත කුමක්ද?
2:52:04 'සෝ තේසු ධම්මේසු අනුපයෝ අනපායෝ අනිස්සිතෝ අප්පටිබද්ධෝ විප්පමුත්තෝ විසංයුත්තෝ විමරියාදීකතේන චේතසා විහරති'
ධාතු ස්වභාවයෙන් සිත මිදී නිරෝධයට සමවදින උතුම් අවස්ථාවන්,..
2:55:10 ආජානීය අවස්ථාවකදී පමණක් කළ හැකි 'ස්කන්ධසෝ' ගවේෂණය.
2:58:41 'පාණාතිපාතී පාණාතිපාතපච්චයා දිට්ඨධම්මිකම්පි භයං වේරං පසවති, සම්පරායිකම්පි භයං වේරං පසවති, චේතසිකම්පි දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති',..
පාණාතිපාතයේ යෙදෙන, පාණාතිපාත ප්‍රත්‍යයෙන් හට ගන්නා බය සහ වෛරයෙන් පැසවන පුථජ්ජන සිත.
3:14:27 'පටිවිරතස්ස' සහ 'වේරමණීය'
3:18:03 සේඛයාගේ සහ රහතන්වහන්සේගේ වේරමණී වන අවස්ථා,...
අස්සුතවත් පුථජ්ජනයා බැඳෙන පඤ්ච දුස්චරිතය සහ සුතවත් අරිය සාවකයා බැඳෙන තුන් දුස්චරිතය අතර ඇති විශාල වෙනස.