Перейти к содержимому

තණ්හාව කියන එක කවදාවත් මේ ලෝකයේ පුරවල ඉවර කරන්න පුළුවන් වෙන්නේ නැහැ

Ranmal Lasantha

0:00 / 0:00

තණ්හාව කියන එක කවදාවත් මේ ලෝකයේ පුරවල ඉවර කරන්න පුළුවන් වෙන්නේ නැහැ

91 просмотр · 1 г. назад
Ranmal Lasantha
49,9 тыс. подписчиков
91 просмотр · 1 г. назад
Ven Matara Mahinda Thero - Neth FM Dharma Dakshina 2025-08-17 පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ නෙත් FM ධර්ම දක්ෂිණා 2025-08-17 කාම ජාතකය ඇසුරෙන් දේශකයාණන් වහන්සේ ලඟට ගිහින් බණකට අරාධනා කරන කෙනාට, ( ඒ කිව්වේ බණක් දේශණා කරන්න දායකත්වය ලබාදෙන එක නෙමෙයි ) එහි ප්‍රතිවිපාක අඩු වෙන්නේ නැතුව කල්ප 08ක් විපාක දෙන බව ධර්මයේ සඳහන් බුදුරජාණන් වහන්සේ මෙය දේශණා කළ වදාළේ සැවැත් නුවර බ්‍රාහ්මණයෙක් අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ බලන්න එක පුද්ගලයෙකු නිවණට යවන්න කොතරම් මහන්සි වෙනවද දවසක් බුදුරජාණන් වහන්සේගේ කරුණා නෙතට මේ සැවත් නුවර මේ බ්‍රාහ්මණයා අරමුණු වුණා දවසක් මේ බමුණාගේ කුඹුරේ වැඩ කරන කාලයේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා බොහොම කුළුපග විදියට කතා කරා. පසුව මේ බමුණා බුදුරජාණන් වහන්සේ ගැන හරියට පැහැදුණා. මේ මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ මේ බමුණාගේ කුඹුරේ විශේෂ විශේෂ අවස්ථාවල, සී සාන කොට, වපුරන කොට ආදී ලෙස.. මේ බුදුරජාණන් වහන්සේ වඩින වඩින වාරයක් පාසා මේ බමුණාගේ පැහැදීම වැඩි වුණා පසුව මේ බමුණා හිතුවා මගේ කුඹුරේ පළමු අස්වැන්න බුදුන් ප්‍රමුඛ සංඝ රතනයට පූජා කරනවා කියල හිතා ගත්ත ගොයම පැහිලා කපන්න කිට්ටු වෙලා බමුණා හිතුවා හෙට ගොයම් කපන්න ඕන, එහෙම හිතල නිදාගත්තා.. රාත්‍රියේ අචරවති ගංගාව ගලල මුළු කුඹුරම වී බුසලක් වත් ඉතුරු කරන්නේ නැතුව මහා මුහුදට ගසා ගෙන ගියා. උදේ නැගිටලා පැසුණ කුඹුර වෙනුවට මුඩු බිමක් දැකල ඉතාමත් දුකට පත් වෙලා බුදුරජාණන් වහන්සේ හමුවෙන්නට ගියා. තමන්ට තිබෙන සම්පත් අපිට හෙට නැති වෙන්න පුළුවන් කියල හැමතිස්සෙම හිතන්න. අද ඔබට සිටින දරුවන් හෙට නැති වෙන්න පුළුවන් කියල හිතන් පින්වතුනි සම්පත් වලට වසඟ වෙන්න වසඟ වෙන්න තමන්ගේ සිත අකුසලයට බර වෙලා විනාශ වෙලා යන්නේ තණ්හාව කියන එක කවදාවත් මේ ලෝකයේ කවදාවත් පුරවල ඉවර කරන්න පුළුවන් වෙන්නේ නැහැ මහා මන්ධාතු රජතුමාගේ තණ්හාව පිළබඳව බුදුදහම කියන්නේ මේ ඍණාත්මක දහමක් නැත්නම් negative දහමක් කියල බුදු දහම කියන්නේ මොකද්ද කියල දන්නේ නැති පිරිසක් අද ප්‍රකාශ කරනවා. එය සත්‍ය නෙමෙයි. සසර නමැති හිර කුටියේ තණ්හාව නම් බන්ධනයට මේ සත්වයා බැඳිලා ඉන්නවා. තණ්හාවට වසඟ වෙච්ච කෙනාට ඒ තණ්හාවෙන් හිත මුදවාගන්න එක කොතරම් අමාරුද යන වග.. මොන උගතා මොන ජගතා වුණත් අන්තිමට ඒ හැම කෙනාටම ලැබෙන නම තමයි මිනිය කියන එක. බලන්න සමහරුන්ට බණ අහන්න වෙලාවක් නැහැ.. මේ ලැබුණ ජීවිතයේ. ධර්ම දේශණාව ශ්‍රවණය කරන්න.