Isuru Devindu | ඉසුරු දෙවිඳු- Abeywardhana Balasooriya, Niranjala Sarojini
Abey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී
0:00 / 0:00
Isuru Devindu | ඉසුරු දෙවිඳු- Abeywardhana Balasooriya, Niranjala Sarojini
15 897 просмотров · 6 л. назад
Abey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී
6,86 тыс. подписчиков
15 897 просмотров · 6 л. назад
[ඉසුරු දෙවිඳු උමයංගන
සේ පෑහෙන්නයී
විෂ්ණු බ්රහ්ම වෙහෙසුරු
දෙවි පිහිට පතන්නයි
තවිල් නදින් සවන් පිරෙන්නයී
කොකුමගරා නළල දිළෙන්නයී]//
කුල කතකගේ සුරතුර බදු
සුරත ලබන්ඩයී
තල් වැට බිද නිල් වනරොදකට
යා ගන්ඩයී
පතිනිය මිස පාක්කුඩම් කිසිත්
නොගන්ඩයී
පෝරුව පිට සිටුවා කර මාල
බදින්ඩයී
කෝවිල කොත් කැරලි කැළුම්
නෙත දැවටෙන්නයී
දීප දූපයෙන් දිවිමග සුවඳ
කරන්නයී
පිච්ච මලින් යහන සැදෙන්නයී
රාධ ක්රිෂ්ණා පෙමින් වෙලෙන්නයී
අතපැන් වත්කොට සුලැගිලි
එකට බඳිනඩයි
තැලි පිළි අන්දා පෙර කුල සිරිත
රකින්ඩයී
බුලත් හුරුළු දී නෑයන් අවසර
ගන්ඩයී
සිලෝ හඩින් පාවඩ පිට කැන්දන්
යන්ඩයී
ඉසුරු දෙවිඳු උමයංගන.....
ගායනය - නිරංජලා සරෝජිනී, අබේවර්ධන බාලසූරිය
ගේය පද - තිලකරත්න කුරුවිටබණ්ඩාර
සංගීතය - ආචාර්ය වික්ටර් රත්නායක
අබේ - නිරංජලා විශිෂ්ට ගී එකතුව