අවසන් ගවරා සිටි විල | Gawarawila plains | Upper gartmore | Travel with tdubs 🏍
Travel With T DUBS
0:00 / 0:00
අවසන් ගවරා සිටි විල | Gawarawila plains | Upper gartmore | Travel with tdubs 🏍
823 просмотра · 10 мес. назад
Travel With T DUBS
1,41 тыс. подписчиков
823 просмотра · 10 мес. назад
සමනල රක්‍ෂිතයේ ඇති විශාලතම පතන් භූමිය ලෙස සැලකෙන 'ගවරා' විසූ විල ලෙස ජනප්‍රවාදයේ සදහන් වන වර්තමානයයේ 'ගවරවිල' මෙවර අපගේ කදවුරුබිමයි.
මෙම ගවරවිල විශාල පතනක් වුවත් වැසි කාලයේ වගුරු බිමකට සමානයි. මන්ද ගවරවිල කියා මෙය හඳුන්වන්නේ අධික වර්ෂා කාලවල දී මෙම ඉසව්ව ජලයෙන් යට වන බැවිනි. එලෙසම ප්‍රධාන ජල පෝෂකයක් වන මෙම කඳුවැටිය දිය ඇලි කීපයකටම උපත ලබා දෙයි. මීටර 1800කට ඉහළ කන්දක් පවතින අතර අක්කර කිහිපයක් විශාල මෙම පතන සොයා අප සමනල රක්‍ෂිතයට ගොඩ වැදුණේ
කරවනැල්ල සිට හැටන්වලට පැමිණ දික්ඔය හරහා සිරිපා මාර්ගයට හරවා upcut මාර්ගයෙන් ගාට්මෝර් වලටය,ඉන්පසු අප ගාට්මෝර් වත්තට ඇතුලු වී එම වත්තේ ඉහළ කොටස වන ෆොග්මෝර් කොටසේ ඇති ඉලන්ගෝවන් අයියාගෙ නිවසේ යතුරුපැදිය නවතා තේ වතු අතරින් ගමන් කිරීමට සැරසුණේ කුඩා අඩි මාර්ගයන් ඔස්සේය.
ගවරවිල යනු විශාල කඳුවැටියකි. මධ්‍යම පළාතට මායිම වන මෙම කන්දේ දකුණු පස සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල වේවැල්වත්ත, දෙහේන කන්ද සහ රාස්සගල පිහිටා ඇත. මෙම කන්දට නැගෙනහිරින් සමනල දෙවන උසම මහමුණි කන්ද (මීටර 2040) පිහිටා ඇත. ගවරවිල ප්‍රධාන කන්දේ උස මීටර 1980ක් පමණ වන අතර ඊට අමතරව මීටර 1900 වඩා උසැති අවශේෂ කඳු දෙකක් මෙහි පිහිටා ඇත. ගවරවිල තැන්න බැලූ බැල්මට කුඩා හෝර්ටන් තැන්නක් ලෙස පෙනෙන අතර එහි පිරී ඇත්තේ මාන පඳුරු පමණි.
තේ වතුයාය මැදින් ඇවිද ගිය අප කුඩා දොළ පහරවල් කීපයකින් එතෙර වී වනයට අවතීර්ණ වූයේය.එහෙත් ගස් වැටී සොයා ගැනීමට අපහසු අඩි මාර්ගයක් ඔස්සේය. මන්ද බොහෝ කලකින් කිසිවෙකුත් ගමන් කර නොමැති නිසාත් පෙර දින වල වර්ශාව ඇදහැලීමෙන් අධික තෙත් පරිසරය නිසාත්ය. ක්‍රමයෙන් ලේ සුවඳට වහවැටුණු කූඩැල්ලන් හෙමි හෙමින් පහර දෙන්නට විය. මීටර කිහිපයක් ගිය පසු දැඩි තෙත් සහිත වන රොදක සුන්දර ගමනක් කරමින් දිය පහරක් වෙත ළඟා විය.එය විශාල දිය ඇල්ලක මුදුනක් ය. එය මාඋස්සාකැලේට ගලායන තවත් ඇල්ලකි.එහි මද වේලාවක් ගතකරමින් අපි අවට පරිසරය නරඹා ගිමන් හැර ගලන්නා වූ දියවර අධික සීතල දිහ පහර උඩින් එගොඩ වී නැවත කැලය හරහා ගමන් ආරම්භ කලේය.
වන පියස දිගේ මග සොයාගෙන කුඩා දිය කඩිතිවලින් එතෙර වී මඩ ගොහොරු පසු කර අප අඳුරු වන පියස පසුකර ළඟා වූයේ හිරු එළියෙන් ආලෝකමත් ඌ එළිමහන් ඉසව්වකටය. එය සැබවින්ම හෝර්ටන් තැන්නක් ලෙස දැක ගත හැකි වූ අද දවසේ ගමනාන්තය වූ අතර ගවරවිල නම් ඉසව්වටය.
කොටියා නිතරම වාසය කරන මෙම ඉසව්වේ අඩි පාරවල් කීපයක් පතනට අඩිය තියද්දීම දැකගැනීමට හැකිවිය
අප එදින රෑ පහන් කර පසුදා උදෑසන ජල පහර අවසානයේ ඇද හැලෙන මනරම් දිය ඇල්ල මුදුනට ජල පහර දිගේ ගමන් කර අවට සුන්දරත්වය විද නැවත කදවුරු බැදි ස්තානයට පැමින ගෙනගිය සියලු දෑ රැගෙන නැවත පැමිනීමට පටන් ගත්තේය. අපගේ ගමන නිමා කරමින් නැවතත් ඉලංගෝවන් අයියගෙ නිවසට පැමිණි අප නැවත මස්කෙළියට පැමිණියේ සුවිසල් ගවරවිල කඳුවැටියේ සුන්දරත්වය විඳිමිනි.
මෙම ගමන නිමා කිරීමට පෙර ලංකාවේ ඇති ලස්සනම දිය ඇල්ලක් වන පහල ගාට්මෝර් ඇල්ලේ සුන්දරත්වය ගැනීමටද අමතක කරේ නැත.
මෙම ගවරවිල තැන්න සමනළ රක්ෂිතයට අයත් අදි සංවේදී පරිසරයක් වන අතර,මෙම රක්ෂිතයට අනවසරයෙන් ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම් වේ, එසේ අනවසරයෙන් ඇතුළුවී වනජීවී නිලධාරීන් භාරයට පත් වුවහොත්,අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු,දවස් 14 සිර දඬුවම් හෝ රුපියල් 25000 සිට ලක්ෂ 2 දක්වා දඩ මුදලක් ගෙවීමට සිදුවන බව කරුණාවෙන් සලකන්න.
තවද ගාට්මෝර් තේවත්තට ඇතුලු වීමටද විශේෂ අවසරයක් අවශ්‍ය වන අතර එසේ අවසර නැති කිසිම පුද්ගලයෙකුට මෙම ගාට්මෝර් තේ වත්තට ඇතුලු විය නොහැක.
රෝද දෙකෙන් යමු ඉක්මනින්ම තවත් ලස්සන ඉසව්වක් සොයාගෙන..💚